ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න.
ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න.
ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න..
මම ලංකාවෙදි කරපු රැකියාවෙදිත් මම හොද නමක් තියෙන්න කරන වැඩේ හොදාන්ම කරා.. කරටම අරගෙන.. මම මෙහෙදි කරන රැකියෙව තුළ උවත් වැඩ ටික හොදටම කරනවා. ප්රෝඩා නැතුව..
මම මෙහෙ කරන්නේ ලොකු තනතුරක් නොවුනත් ඉතිං “නිරංජලා “ කීවම.. හදුනන.. ඕන
කෙනෙක් හොද සේවකයෙක් කියලා නම තියෙන විදිහට වැඩ කළා.. ප්රධානම කාරණය තමයි.. හෘද ශාක්ෂිය.. ගන්න පඩියට ණය නැතිව වැඩ කරන එක..
සහ හදවතින්ම යමක් කිරීම කියන එක.෴ මම විශ්වාස කරන විදිහට විශ්වයම ආශිර්වාද කරනවා එහෙම හිටියම…. 

මම ඉගෙන ගත්තා open university එකේ එක ශාෂ්ත්රපති උපාධියක්.. ඒකෙදි ඉගෙන ගත්ත දෙයක් කියන්න ඕනේ.. ඔබට මට අපි හැමෝටම තියෙනවා digital footprint එකක්.
ඒ කියන්නේ.. යම් පුද්ගලයෙකුගේ මාර්ගගත ක්රියාකාරකම් හේතුවෙන් අන්තර්ජාලයේ පවතින තොරතුරු( History). අපි පාවිච්චි කරපු දේවල්, අපි හොයපු ( search) කරපුවා.. අපේ fb හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්යක් වේවා .. මේ හැම එකම අපි ගැන මතක ගබඩාවක් ඉබේටම සටහන් වෙන එකයි digital footprint එකක් කියන්නේ.
"ඔබේ ඩිජිටල් පියසටහන ඔබ ගැන සහතිකයක් සපයනවා.. “
ඉතිං මම කියන්න හැදුවේ මේකෙන්.. ඔබට නොදැනීම ඔබ ගැන දත්ත ගබඩා වෙනවා. හොද නරක දෙකම.. හැම දේම..
ඉතිං ඔබත් හොද digital footprint එකක් හදා ගන්න. ඒක හරි වටිනවා. ඔබටත් අන්යන්ටත්.
ඉතිං ඔබ හිතන්න.. ඔබ කොච්චර ශක්තිමත්ද? ඔබට කොච්චර නම් හැකියාවන් තියෙනවද? ඔබ ඒවා කොයිතරම් දුරට අනෙකා සමග බෙදා ගත්තාද? ඔබ කොච්චරක් දුරට සමාජයට ලෝකයට සේවයක් කළාද? ඔබගේ හැගීමක්වත් ඔබ බෙදා ගත්තාද? එකම එක සුභ සිතුවිලක්..
ඔබ ඔබේ මනසින් කොච්චර වැඩ ගත්තාද? ඒ මනස නිකම්ම ඉදලා මල බැදිලා පුස් කාලා යනවා..
අපි සාමාන්යයෙන් කරන්නේ එදිනෙදා රැකියාවට යනවා, ගෙදර එනවා, රෙදි හෝදනවා, උයනවා, කනවා, බොනවා, නිදියනවා… මේ සියල්ල ශාරීරික ක්රියා..
ඔබ ඔබේ මනසටත් වැඩ දෙන්න. කවියක් , ගීතයක් ලියන්න. ඒක ඔබේ ලගම හිතවතා ගැන, අම්මා, තාත්තා ගැන, බිරිද, ස්වාමියා ගැන, දරුවන් ගැන, තමන්ගේ හිත ගැන ඔය ඕන එකක් කමක් නෑ.
කවි ,ගීත බැරි නම් වෙනත් විදිහකට සටහනක් ලියන්න.
ලියන්න අමාරු නෑ. එක වචනයක්, එක හැගීමක්, එක පුද්ගලයෙක් ගැන දිගින් දිගටම හිතමින් ඉන්න.. ඔවුන් ඔබට දක්වන ආදරය, ඔවුන් සහ ඔබේ සම්බන්ධය ගැන හිතන්න.. හිතට එන දේ සටහන් කරන්න.. දිගටම ලියන්න..
දැන් ඔබ ලියපු දේ, ඔබේ හැගීම ඔබේ සටහන අන් අය සමග බෙදාගන්න.. fb, YouTube. WhatsApp, ආදි ඕනෑම මාධ්යකින්. ඔබට ඒ සදහා ලයික්, කොමෙන්ට්, හාට් නොවැටුනාට දුක් නොවන්න.. ඔවුන් එය භාවිතා කර යමක් ගන්න ඇති යැයි සිතා සතුටු වෙන්න. ඒ සතුට හරි නිරාමිසයි..
මම දැන් කියන්න යන්නේ මම ගැන. මම පම්පෝරි ගහනවා කියලා හිතන්න එපා..මොකද මම මේ කියන්නේ ඇත්තම ඇත්ත. මම හැම වෙලේම දීර්ඝ post ලියන කෙනෙක්. මොකද මම දන්නවා ඒවා ආසාවෙන් කියවන අය ඉන්නවා. මේ ලියන්නේ මම කරන දේවල් ගැන. මම ලංකාවෙදිත් කරපු සහ දැනුත් කරන දේවල්. මම දරුවෝ 4 ක් එක්ක job එකත් කරපු කාර්ය බහුල කෙනෙක්. හැබැයි මම මේ දේවල් කලා. හරි ලස්සනට සමබර කරගෙන.
මේ මගේ digital footprint එක ගැන කියන්නේ. මම “Niranjala Karunarathne.” Drama & Theater “ YouTube channel එකක් කරගෙන යනවා. ඒ වගේම මගේ නමින් Drama & Theater Website එකක් තියෙනවා. ඒ වගේම Bolg එකක් කරගෙන යනවා. ඒ වගේම tik Tok එකෙත් සමාජයට වැඩදායි සිතුවිලි බෙදා ගන්නවා. මේ හැම දේම එකම දවසේ නැතත් එක දවසකට එකක් හරි upload කරනවා..
ඒ විතරක් නෙවේ මට එන phone calls වලින් හරි උපදෙසක් දෙනවා.. මට එන massages වලින් හරි උපදෙසක්, අදහසක් බෙදා ගන්නවා. මට සතුටුම හිතෙන්නේ , මම ඒ තරමටම මගේ හිත සතුටු වෙන විදිහට සමාජයට සේවයක් කරනවා නේද කියලා. මගේ fb post කියවලා මට කතා කරලා හිත හදාගත්ත අය ගැන හිතලා මම සතුටු වෙනවා. අපිට මේ විදිහටත් පිං රැස් කරන්න පුළුවන්.
මම ඔබට ආරාධනා කරනවා.. ඔබේ වටිනාකම බෙදාගන්න කියලා. මේවා කරන්න කාලය ඕනේ තමා. ඔබ හිතනවා නම් කාලය නෑ කියලා, මම ඒක පිළිගන්නේ නෑ. මම ඒකට උපක්රමයක් කියන්නම්. ඔබ වැඩක නිරත වෙන ගමන් හිතන්න .. ඔබ ඇවිදින ගමන් හිතන්න. නිදහස් පරිසරයක් දැක්කෝත් හිතන්න. ලස්සනට මල් පිපිලා තියෙන එක ගැන හිතන්න.. ඒ හිතන එක ඒ.. ගැනම පැය දෙක තුනක්.. දවසක්.. දවස් දෙකක් හෝ හිතන්න. ඒක කොලේක හෝ phone එකේ ලියන්න. ඒක ලස්සන හැගීමක් දක්වා වර්ධනය කරන්න. ඒ දේ බෙදාගන්න. මේක පුරුද්දක් කර ගන්න. ඔබ නිකම් fb එකේ ඉහළට පහළට යන එක නවත්තන්න. ඒක කරත් ඔබත් යමක් බෙදාගන්න. අවසන් නොවන අස්පස් කිරිම්, සේදීම් ටිකක් අඩු කරලා හිතට, මනසටත් වැඩක් දෙන්න. මොකද මනසත් වර්ධනය වීමට ක්රියාකිරීමට ඉඩ දෙන්න.
ඔබ දන්නවද? මම කරන රැකියාව පණ යන එකක්.. දවසට පැය 12 ක් හිටගෙන.෴ඒත් මම රැකියාව කරද්දිත් සිංදු ලියනවා. කවි ලියනවා.. fb post එකක ලියන දේ ගැන හිතනවා. ඒත් ඒවා හිතේ තමයි ගොඩනගන්නේ. පෑනක්වත් කෙළයක්වත් නෑ. ඉදගෙන නෑ.. සැපක් නෑ..
එහෙම හිතන එක මම මගේ විනාඩි 30 හේ විවේකය තුළදී phone එකේ සටහන් කරනවා.. නැවත ඒ ගැන හිතමින් වැඩ කරනවා… ආයම ඊලග විවේකයේදිත් ලියනවා.. වැඩිදියුණු කරමින්. ගෙදර ඇවිත් , ගෙදර වැඩත් කෝම හරි ඉක්මනින් කරලා.. අර සිතුවිල්ල සම්පූර්ණ කරනවා. ඒක බෙදා ගන්නවා.. මගේ සමාජ මාධ්ය හරහා.
ඔබට පුළුවන් නම් කාව හරි motivate කරන්න. ඒදේ හදවතින්ම කරන්න. යමෙකුට වචනයකින් හරි පිහිට වෙන්න.
මේක habit එකක් උනාම ඒ දේවල් කරදරයක් නෑ. ඔබට ඔබ ගැන ආත්ම තෘප්තියක්, ආඩම්බරයක් එනවා.. එවිට හිතෙනවා හෙටත් යමක් කරන්න. මම දන්නවා. ඔබ කොච්චර දක්ෂද? ඔබ ගැන ඔබවත් දන්නේ නෑ නේද? ඔබට පුළුවන් විදිහට මේවගේ ඔබේ හැකියාවන් බෙදා ගමු. සමාජ මාධ්ය හොද විදිහට භාවිත කරමු. සතුටින් ආත්මාභිමානයෙන් ජීවත් වෙමු.෴
අපි අද මැරිලා ගියත් අපි කළ කී දෙයින් ප්රයෝජන ගන්න පිරිසක් ඉදීවී.. ඒ පින අපිට ලැබේවි කොහේ හිටියත්..෴
කතෘ .. නිරංජලා කරුණාරත්න..
Comments
Post a Comment