ආවේදන ක්ෂේත්‍රයට ඉගෙනුම් ඵල ලිවීමේදී සෑම පාඩමකදීම මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න.
ආවේදන ක්ෂේත්‍රයට ඉගෙනුම් ඵල ලිවීමේදී සෑම පාඩමකදීම මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න.
“මෙම පාඩම මෙම සිසුනට උගන්වන්නේ ඇයි?මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලියන ආකාරයට ආවේදන ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵලය ලියන්න.
උදා-
පාඩම - "අනුකරණය කර දක්වමු" නම්
ඔබ ඔබෙන්ම අසා ගත යුතු ප්‍රශ්නය වන්නේ
- අනුකරණය උගන්නන්නේ ඇයි?
- අනුකරණය ඉගැන්වීමේ ප්‍රතිඵලය කුමක්ද?
- අනුකරණය ඉගැන්වීම, නාට්‍ය හා රංග කලාව විෂයට ඇතුළත් කිරීමෙන් අපේක්ෂා කළේ කුමක් ද?
ඉගෙනුම් ඵලයකට උදා-
- විවිධ චරිත අනුකරණය කිරීමට හුරු වීමෙන් රගපෑමේ කුසලතාවය වර්ධනය වන බව අවබෝධයෙන් ප්‍රකාශ කරයි.
මේ උපදෙස් මැනවින් පිළිපැදීමෙන් සාර්ථක පාඩම් සැලසුමක් හා සාර්ථක ඉගෙන්වීමේ ක්‍රියාවලියක නිරත වීමට හැකි වේ.

Comments
Post a Comment