ලෝක කාන්තා දිනය .....

හුදු දිනයක් පමණක්ම නොකරගෙන එය ට සබෑ අරුතක් එක් කරන්න අපි කාන්තාවන් ලෙස නැගී සිටිය යුතුයි. 
සැබවින්ම ආදර්ෂමත් කාන්තාවක් වීම අපට කළ හැකියි. හිතන්න ඔබට මොනවද කළ හැකි දේ 
හැමෝම කරන දේවල් ඔබට කරන්න බැරි වුනත් ඔබට කළ හැකි දෙයින් සමාජයට සේවයක් කරමින් කාන්තාව සමාජයේ වැදගත්ම මුල් පුරුක බව පෙන්විය හැකියි. 
කාන්තාවන්ට තිබෙන ආත්ම විශ්වාසය කොපමණදැයි කිව නොහැක . එය තේරුම් ගත යුත්තේ ඔබමයි. ක්‍රියාත්මක කළ යුත්තේ ඔබමයි.කාන්තාවට හිමි ගෞරවය ලැබෙන්නට  නම් එයට අපිද වගකිව යුතුයි.
කාන්තාව යනු වරක දියණියක්, මවක්, බිරිඳක්, මිත්තනියක් වන බැවින් ඇයට සැබවින් ම පුරුෂ පාර්ෂවයේ ගෞරවය හිමිවිය යුතුය. නමුත් ඇතැම් අවස්ථාවල ජනමාධ්‍ය තුළ පළවන සිදුවීම් සෙස බලන විට පුරුෂයන් විසින් කාන්තාවට සිදුකරන අපහාස උපහාස සැබවින් ම කාන්තාවට හිමිවිය යුතු නිසි ගෞරවය සමාජය විසින් ඇයට ලබා දෙන්නේ ද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතුය️️️

Comments

Popular posts from this blog

ආවේදන ක්ෂේත්‍රයට ඉගෙනුම් ඵල ලිවීමේදී සෑම පාඩමකදීම මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න.

පාඩම් සැලසුමක පියවර නිවැරදිව ලියමු.