නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා…
නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා…
කොළම කොළ පාටට තිබුණු පරිසරය , කහ , දුඹුරු, රතු, තැඹිලි මෙන්ම සමහර ගස් කොළ පැහෙයෙන්ම පවතින ලස්සන කාලයක් Autumn
සරත් ඍතුව කියන්නේ..
කොළ වේලිලා හුලගේ පාවෙමින් යන සුලග වැඩිම කාලයක් විදිහට මේ කාලය මම දැක්කේ. සීතලත් සුලග සමග දැනෙන්න ගත්තා..
ඇදුම් එකක් නොව දෙක තුනක් අග ලා ගෙන උණුසුම් කෝපි එකක් බොමින් මේ කාලය ගත කරන්න පුළුවන්.. හරිම ලස්සනට පුංචි හිරි පොද වැසිත් මේ දිනවල පරිසරයට අමුතුම හැගුම්බර ලස්සනක් ගෙනාවා.
සමහර දින හුගාක්ම අදුරු දින උනා. රෙදි වේලන්න තියා ඇගට දැනෙන්න හිරු රශ්මියක් නැති උනා.. ඉර කොහේදෝ හැංගුනා වගේ. පුංචි පැටවු ඒත් පාසල් ගියා. ලොකු ලොකු ජැකට් දාගෙන…. හරි අපූරුවට..
හැමදාමත් ගස්වල ලස්සන ලස්සන වෙනස්වෙන පාට දැකලා මම හරියට රස වින්දා. හැම එකම photo කරගන්න බැරි උනත් පුංචි සටහනක් මේ සමය ඉවර වෙනවත් එක්ක තියන්න ආසා හිතුනා.
මේ දවස්වල පාට පාට පිරුණු කොල බිම ඇද හැලී බිම හැම තැනම ලස්සන කළා. ගස් දැන් ලෑස්ති වෙන්නේ ශීත කාලයට .. සමහර ගස්වල එක කොලයක්වත් නෑ.. ඒකත් හරි පුදුමයි..
අලුත් ජීවිතයක් පටන් ගන්න ඔවුන් සැරසෙනවා…
බිම ලස්සනට පාට පාට කෝළ තිබුණට, ඒ වැටුණු කොළත් ටික දටසකින් පාට වෙනස් වෙලා වේලිලා පරිසරයට පොහොරක් වෙලා බිහිවෙන්න දුන්න මහපොළවට කළගුණ සලකනවා.
පරිසරය අපිට හුගාක් පාඩම් කියා දෙනවා. ලස්සන හැමදාම එකවිදිහට නොපවතින බවත් ඒක විවිධ පාරිසරික විපර්යාසමත වෙනස් වෙන බවත්…. ඒත් නොසැලී හැම දේම දරාගෙන ගසේ මුල්, කද, අතු…. මුහුණ දෙන ආකාරයත් අපිට හොද පාඩමක් නේද?
මේ ලස්සන විදින්න මම හරි ආසයි.. ඒක මම විස්තර කළේ ඔයාටත් ඒක දැනෙන්න… මට වගේම.෴
ඇත්තටම සරත් ඍතුව කියන්නේ.. මොකක්ද? ඒගැනත් මම හොයා ගත්ත පුංචි තොරතුරක් ලියන්නම්..
** ඉංග්රීසියෙන් ‘fall ‘ලෙසද හඳුන්වන සරත් සමය පෘථිවියේ සෞම්ය සෘතු හතරෙන් එකකි. නිවර්තන කලාපයෙන් පිටත, සරත් සෘතුවේ සැප්තැම්බර් හෝ මාර්තු මාසවල ගිම්හානයේ සිට ශීත ඍතුව දක්වා සංක්රමණය වේ. සරත් සමය යනු දිවා ආලෝකයේ කාලය සැලකිය යුතු ලෙස කෙටි වන අතර උෂ්ණත්වය සැලකිය යුතු ලෙස සිසිල් වන සමයයි.
දැන් ඒ කාලය ඉවර වෙලා ශීත ඍතුව පටන් ගත්තා.
ඒ කාලයේ ලස්සනත් මම ලියන්නම්…
නිරංජලා කරුණාරත්න.
Comments
Post a Comment