ජීවිතය
ජීවිතය......
ක්ෂණයෙන් අහිමිවන
නමුදු අප ලොබ බැද
සසර කතරක එතී පැටලෙන
අරුම දහමකි ජීවිතය නම් වන
වරින් වර එය සිහිවුව
අතැර නොදමන දේකී දිවිමග
වැරදුනු විටදි අප හට
එසැණ සිහිවෙන දේකි දම් ගුණ
දනීමුත් ලොව අව ගුණ
කරති අප එය රුචියෙන
වැරදුනු දාට හැමහට
නොමැත සරණක්
ලෝ දහම තුල
දනීමුත් එහි රග
වසයි අපි හැම
කෙලි කවට කම් කර
~නිරංජලා කරුණාරත්න~
Comments
Post a Comment