නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා…
නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා… කොළම කොළ පාටට තිබුණු පරිසරය , කහ , දුඹුරු, රතු, තැඹිලි මෙන්ම සමහර ගස් කොළ පැහෙයෙන්ම පවතින ලස්සන කාලයක් Autumn සරත් ඍතුව කියන්නේ.. කොළ වේලිලා හුලගේ පාවෙමින් යන සුලග වැඩිම කාලයක් විදිහට මේ කාලය මම දැක්කේ. සීතලත් සුලග සමග දැනෙන්න ගත්තා.. ඇදුම් එකක් නොව දෙක තුනක් අග ලා ගෙන උණුසුම් කෝපි එකක් බොමින් මේ කාලය ගත කරන්න පුළුවන්.. හරිම ලස්සනට පුංචි හිරි පොද වැසිත් මේ දිනවල පරිසරයට අමුතුම හැගුම්බර ලස්සනක් ගෙනාවා. සමහර දින හුගාක්ම අදුරු දින උනා. රෙදි වේලන්න තියා ඇගට දැනෙන්න හිරු රශ්මියක් නැති උනා.. ඉර කොහේදෝ හැංගුනා වගේ. පුංචි පැටවු ඒත් පාසල් ගියා. ලොකු ලොකු ජැකට් දාගෙන…. හරි අපූරුවට.. හැමදාමත් ගස්වල ලස්සන ලස්සන වෙනස්වෙන පාට දැකලා මම හරියට රස වින්දා. හැම එකම photo කරගන්න බැරි උනත් පුංචි සටහනක් මේ සමය ඉවර වෙනවත් එක්ක තියන්න ආසා හිතුනා. මේ දවස්වල පාට පාට පිරුණු කොල බිම ඇද හැලී බිම හැම තැනම ලස්සන කළා. ගස් දැන් ලෑස්ති වෙන්නේ ශීත කාලයට .. සමහර ගස්වල එක කොලයක්වත් නෑ.. ඒකත් හරි පුදුමයි.. අලුත් ජීවිතයක් පටන් ගන්න ඔවුන් සැරසෙනවා...