Posts

නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා…

Image
  නවසීලන්තයේ ජීවිතයේ ගත කරපු පුංචි කාලය තුළ වර්ණවත් කාලයක් මේ ගෙවී ගියා… කොළම කොළ පාටට තිබුණු පරිසරය , කහ , දුඹුරු, රතු, තැඹිලි මෙන්ම සමහර ගස් කොළ පැහෙයෙන්ම පවතින ලස්සන කාලයක් Autumn සරත් ඍතුව කියන්නේ.. කොළ වේලිලා හුලගේ පාවෙමින් යන සුලග වැඩිම කාලයක් විදිහට මේ කාලය මම දැක්කේ. සීතලත් සුලග සමග දැනෙන්න ගත්තා.. ඇදුම් එකක් නොව දෙක තුනක් අග ලා ගෙන උණුසුම් කෝපි එකක් බොමින් මේ කාලය ගත කරන්න පුළුවන්.. හරිම ලස්සනට පුංචි හිරි පොද වැසිත් මේ දිනවල පරිසරයට අමුතුම හැගුම්බර ලස්සනක් ගෙනාවා. සමහර දින හුගාක්ම අදුරු දින උනා. රෙදි වේලන්න තියා ඇගට දැනෙන්න හිරු රශ්මියක් නැති උනා.. ඉර කොහේදෝ හැංගුනා වගේ. පුංචි පැටවු ඒත් පාසල් ගියා. ලොකු ලොකු ජැකට් දාගෙන…. හරි අපූරුවට.. හැමදාමත් ගස්වල ලස්සන ලස්සන වෙනස්වෙන පාට දැකලා මම හරියට රස වින්දා. හැම එකම photo කරගන්න බැරි උනත් පුංචි සටහනක් මේ සමය ඉවර වෙනවත් එක්ක තියන්න ආසා හිතුනා. මේ දවස්වල පාට පාට පිරුණු කොල බිම ඇද හැලී බිම හැම තැනම ලස්සන කළා. ගස් දැන් ලෑස්ති වෙන්නේ ශීත කාලයට .. සමහර ගස්වල එක කොලයක්වත් නෑ.. ඒකත් හරි පුදුමයි.. අලුත් ජීවිතයක් පටන් ගන්න ඔවුන් සැරසෙනවා...
Image
ආදරණීය ගුරුවරයෙක් වෙමු.......                                         https://www.facebook.com/share/p/16zQp1QjHf/

දෑසට දෑස මුණ ගැසූ…

Image
                           ‍ දෑසට දෑස මුණ ගැසූ… දෑතට දෑත පැටලූ… හදට හද යා වූ… ජීවිතයට ජීවිතය හමූ වූ.. ඒ සරසවි පිං බිම තුළ අදත් ඒ ආදරයෙන්ම… නොව, ඊටත් එහා ගිය … පරිණත වූ ගැඹුරු පෙමකින්… ළං වුණා… මිමිණූ සරසවි පෙම් කවි මතක පොදි සිහි වෙවී… ආදරෙයි හැමදාම… අපව එක් කළ සරසවි පිං බිමට… කොහේ හිටියත් අමතකව නොයන… ජීවිතය වී හමාරයි ….. නිරංජලා

ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න.

Image
  ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න. ඔයත් කැමතිද අයිඩියල් (Let's be super ideal )එකක් එහෙමත් නැත්නම් A great model එකක් වෙන්න.. එහෙම ආස අය මේ ලිපිය කියවනවා කම්මැලි නැතුව අන්තිම වෙනකම්ම. මම කියන්නේ තමන්ගේ හිතට එකගව, තමන්ගේ හෘද ශාක්ෂියට එකගව .. තමන්ට පසුතැවීමක් නැතුව, තමන්ට තමන් ගැන, තමන් කරපු කියපු දේවල් ගැන ආඩම්බරයක් තියෙනවා නම් තමන් ඇත්තටම නියම ආකෘතියක් තමයි. මම ලංකාවෙදි කරපු රැකියාවෙදිත් මම හොද නමක් තියෙන්න කරන වැඩේ හොදාන්ම කරා.. කරටම අරගෙන.. මම මෙහෙදි කරන රැකියෙව තුළ උවත් වැඩ ටික හොදටම කරනවා. ප් ‍ රෝඩා නැතුව.. මම මෙහෙ කරන්නේ ලොකු තනතුරක් නොවුනත් ඉතිං “නිරංජලා “ කීවම.. හදුනන.. ඕන කෙනෙක් හොද සේවකයෙක් කියලා නම තියෙන විදිහට වැඩ කළා.. ප් ‍ රධානම කාරණය තමයි.. හෘද ශාක්ෂිය.. ගන්න පඩියට ණය නැතිව වැඩ කරන එක.. සහ හදවතින්ම යමක් කිරීම කියන එක.෴ මම විශ්වාස කරන විදිහට විශ්වයම ආශිර්වාද කරනවා එහෙම හිටියම…. මම ඉගෙන ගත්තා open university එකේ එක ශාෂ්ත් ‍ රපති උපාධියක්.. ඒකෙදි ඉගෙන ගත්ත දෙයක් කියන්න ඕනේ.. ඔබට මට අපි හැමෝටම තියෙනව...

සීතලම සීතල සීත කාලේ

Image
  සීතලම සීතල සීත කාලේ 💓💓💓💓💓💓💓💓💓💓💓 සීතලම සීතල සීත කාලේ උනත්… අද ලස්සනට ඉර පායලා තිබුණා.. සීතලම සීතල උනත් මම ආසම එළියට යන්න.. නිල්ල ගැසුනු වටපිටාවේ ලස්සන බලන්න.. සමහර ගස් වේලිලා කොළ හැලුනත් නිල් තණකොළ සහ සමහර නොවේලුණු ගස්වල පුදුම ලස්සනක්.. ඒ වටපිටාව ඇහැට පුදුම සතුටක් ගෙනෙනවා… අනේ මන්දා , මෙහෙම හිතෙන්නේ මට විතරද? කියලත් සමහර වෙලාවට මම මගෙන්ම ප් ‍ රශ්න කරනවා.. ඒ ලස්සන පරිසරය මතක පිටු අතරට ගන්නත් මම හුගාක් ම ආසයි.. ඒක වෙනම හැගීමක්.. එහෙම අහම්බෙන් හරි එළියට යන යමනකදී… මංජු ඒ ගමනට ඉන්නවා කියන්නේ ඉතිං ආය… ගැම්මක් තමයි… මංජුට ඉතිං මට වගේ වෙලාවක් නෑ.. මගේ පිසිසු වැඩවලට එකතු වෙන්න… මම හැමදාම කියනවා .. අපේ කාලේ ගෙවිලා යනවා.. ඇවිදින්න යමු.. ගග බලන්න යමු… අපි ලස්සනට ඉමු තවත් කියලා.. හෙට අනිද්දම ඒවට කැමති වෙයි.. මම හිතන්නේ… විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න තරමට අපිට අපිව දැනෙන්න ගන්නවා.. දවසින් දවස කාලය ගෙවිලා යනවා.. කාලය නවත්තන්න බෑ.. හැබැයි මේවගේ ගෙවුනොත් කාලය ගියත්… නැතත් ඒකේ වෙනසක් නැතුව යනවා.. මොකද හැමදාම ජීවිතේ නැවුම්… ස්වාමියා… හෝ බිරිද… කසාදය… පවුල… දරුවෝ… මේ හැම දේම අතරේ… “මම” හොයා...