Posts

Showing posts from January, 2022

සීතලම සීතල සීත කාලේ

Image
  සීතලම සීතල සීත කාලේ 💓💓💓💓💓💓💓💓💓💓💓 සීතලම සීතල සීත කාලේ උනත්… අද ලස්සනට ඉර පායලා තිබුණා.. සීතලම සීතල උනත් මම ආසම එළියට යන්න.. නිල්ල ගැසුනු වටපිටාවේ ලස්සන බලන්න.. සමහර ගස් වේලිලා කොළ හැලුනත් නිල් තණකොළ සහ සමහර නොවේලුණු ගස්වල පුදුම ලස්සනක්.. ඒ වටපිටාව ඇහැට පුදුම සතුටක් ගෙනෙනවා… අනේ මන්දා , මෙහෙම හිතෙන්නේ මට විතරද? කියලත් සමහර වෙලාවට මම මගෙන්ම ප් ‍ රශ්න කරනවා.. ඒ ලස්සන පරිසරය මතක පිටු අතරට ගන්නත් මම හුගාක් ම ආසයි.. ඒක වෙනම හැගීමක්.. එහෙම අහම්බෙන් හරි එළියට යන යමනකදී… මංජු ඒ ගමනට ඉන්නවා කියන්නේ ඉතිං ආය… ගැම්මක් තමයි… මංජුට ඉතිං මට වගේ වෙලාවක් නෑ.. මගේ පිසිසු වැඩවලට එකතු වෙන්න… මම හැමදාම කියනවා .. අපේ කාලේ ගෙවිලා යනවා.. ඇවිදින්න යමු.. ගග බලන්න යමු… අපි ලස්සනට ඉමු තවත් කියලා.. හෙට අනිද්දම ඒවට කැමති වෙයි.. මම හිතන්නේ… විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න තරමට අපිට අපිව දැනෙන්න ගන්නවා.. දවසින් දවස කාලය ගෙවිලා යනවා.. කාලය නවත්තන්න බෑ.. හැබැයි මේවගේ ගෙවුනොත් කාලය ගියත්… නැතත් ඒකේ වෙනසක් නැතුව යනවා.. මොකද හැමදාම ජීවිතේ නැවුම්… ස්වාමියා… හෝ බිරිද… කසාදය… පවුල… දරුවෝ… මේ හැම දේම අතරේ… “මම” හොයා...